2/28/13

මොකක්ද මේ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ....


ජංගම දුරකථනය අද වන විට ඇදුම් පැළදුම් තරමටම නැතුවම බැරි දෙයක් බවට ලත්ව ඇත්තේ අතිශය තරගකාරි ජීවන රටාවක් තුළ තම වැඩ කටයුතු සම්බන්දීකරණය උදෙසා එය විශාල උපකරණයක්ව ඇති නිසාය. මුල් අවදියේ දී බොත්තම ඔබා දුරකථන අංකයක් ඇතුළත් කර ඇමතුමක් ලබා ගැනීමට පමණක් නිර්මාණය වූ ජංගම දුරකථනය,
එතැනින් කෙටි පණිවිඩයටත් අන්තර්ජාලයටත් පිවිස අනතුරැව විවිධ තාක්ෂණික ක්‍රමශිල්ප ඔස්සේ ශීඝ්‍ර දියුණුවක් ලබා ඇත්තේය.

2007 වර්ශයේ නොවැම්බර් මාසයේ දී ලොවට හදුන්වාදුන් ඇන්ඩ්‍රොයිඩ් මගින් පියවර කීපයක් නොව සැතපුම් ගණනන් ජංගම දුරකථනය. (Smart Phone) ඉදිරියට ගිය බව කිව යුතුයි. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්, ඇන්ඩ්‍රොයිඩ් ටැබ් යනුවෙන් කෙතරම් අප අසා තිබුණි ද සැබැවින්ම ඇන්ඩ්‍රොයිඩ් යනු කුමක්දැයි බොහෝ දෙනෙකුට ගැටලුවකි සරලවම කිවුවොත් ඇන්ඩ්‍රොයිඩ් යනු ජංගම දුරකතනයක සියළු ක්‍රියාකාරකම් පාලනය කෙරෙන මෙහෙයුම් පද්ධතියකි. (Oparating System) ඔබ අප කවුරැත් අසා ඇති, පිරිගණකයක මෙහෙයුම් පද්ධති වන XP, Linux, Ubuntu වැනි ජංගම දුරකළුන සදහා පමණක් සුවිශේෂ වූ මෙහෙයුම් පද්ධතියකි ඇන්ඩ්‍රොයිඩ්. මෙහි ඇති විශේෂත්වයක් වන්නේ අන්තර්ජාලයේ සැරිසරන්න අවශ්‍ය පරිදි මෙම මෙහෙයුම් පද්ධතිය සංවර්ධනය කොට ඉදිරිපත් හැකි වීමයි. අන්තර්ජාලයේ ඇති "Android Market" වෙත පිවිස මේ පිළිබදව අධ්‍යනය කොට ඒ හරහාම බෙදාහැරීමේ හැකියාවක් පවතී.
එනිසා මෙය විවෘත මූලාශ මෘදුකාංගයක් ලෙසද හදුන්වයි. කාටත් තේරෙන භාෂාවෙන් කිවුවොත්, තම ජංගම දුරකථනයට යම් පහසුකමක් එක් කර ගැනීමට අවශ්‍ය නම්, අන්තර්ජාලයෙන් ඊට අදාළ යෙදුම් මෘදුකාංග භාගත කොට, එය ඉටු කර ගැනීමට අවස්ථාව ලබාදීම මෙමගින් සිදු කෙරේ. අන්තර්ජාලය තුළින්ම නිරන්තරයෙන් සංවර්දනය වීම හේතුවෙන් වසර 5ක් වැනි කෙටි කාලයක් තුළ ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය පරම්පරා 6ක් පසුකොට තිබේ. 2007 වසරේ දී කප් කේක් මාදිලියෙන් ආරම්භ වූ ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ පරිණාමය එතැනින් පටන් ඩෝනට්, ඉක්ලෙයාර්, ෆ්‍රෝෙයා්, ජින්ජර් බ්‍රේඩ්, හනීකබ් ඔස්සේ පැමිණ අයිස් ක්‍රීම් සැන්ඩිවිච් නම් හත්වැනි පරම්පරාවද එළිදැක්වීය. එයා ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණයේ v4.0.4 ලෙස හැදින්වේ. ස්පර්ෂක තිරය සහිත ස්මාර්ට් ෆෝන් සදහා අනුගත වූ ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය එහි ඇති නාම්‍යශීලිත්වය නිසාම ලොකය පුරා ප්‍රචලිතව තිබේ

0 comments:

Post a Comment

Comment කරලා යන්න අමතක කරන්න එපා...